රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

29th March 2024 18:30

අධීක්ෂණය

රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන තුළ නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ ද යන්න පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මේ සඳහා ආයතනික මට්ටමින් භාෂා විගණන සිදු කරනු ලබයි.

    ආයතන හඳුනාගැනීම

  • විගණනය සඳහා ආයතන තෝරා ගැනීමේ දී මහජනතාව වෙත සමීප සේවාවන් ලබාදීම සහ ද්වීභාෂා පරිපාලන කොට්ඨාස තුළ පිහිටීම, වැනි කරුණු සැලැකිල්ලට ගනු ලැබේ.


  • විගණන සඳහා දින යොදා ගැනීම

  • විගණනය සම්බන්ධයෙන් පූර්ව ලිඛිත දැනුම්දීමක් සිදු කරනු ලබයි. මෙම දැනුම්දීම සිදුකරනු ලබන්නේ විගණනය සඳහා අත්‍යවශ්‍ය තොරතුරු පිළියල කර ගැනීම සඳහා ය.

    උදා : භාෂා ප්‍රවීණතාව ලබා ගෙන ඇති නිලධාරීන්ගේ නාම ලේඛනය.


  • විගණය සිදු කිරීම

  • කොමිෂන් සභාවේ විගණන කණ්ඩායම අදාළ ආයතනය භෞතික පරීක්ෂාවට ලක්කිරීම.


  • නිර්දේශ නිකුත් කිරීම

  • විගණනයේ දී හඳුනාගනු ලබන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූල නොවන තත්ත්වයන් නිවැරදි කිරීම සඳහා නිර්දේශ නිකුත් කරයි. මෙසේ හඳුනාගත් අනනුකූලතාවන් නිර්දේශ ලබා දී දින අනුවක් තුළ දී නිවැරදි කළ යුතුය.


  • පසුවිපරම් කිරීම

  • අදාළ නිර්දේශ ක්‍රියාත්මක කර තිබේද යන්න පසු විපරම් කිරීම.