රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

20th April 2024 00:28

දැක්ම

මහජනයා වෙත සේවය සපයනු ලබන සියලු ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බලගැන්වූ ආයතනය බවට පත්වීම.

මෙහෙවර

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමර්ශනය, අධීක්ෂණය, අධ්‍යාපනය සහ උපදේශනය මගින් මහජනතාවගේ ද්වීභාෂාමය අවශ්‍යතා සැපයීම.

අරමුණු

කොමිෂන් සභාවේ පොදු අරමුණු පහත සඳහන් පරිදි වේ.

  • රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳ ප්‍ර‍තිපත්තිමය මූලධර්ම නිර්දේශ කිරීම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ අන්තර්ගත විධිවිධාන අනුව ක්‍රියාකිරීම පිළිබඳව විමසිලිමත් වීම හා අධීක්ෂණය කිරීම.

  • (මෙහි මින්මතු “අදාළ භාෂාව” යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 18 වන ව්‍යවස්ථාවෙහි සඳහන් භාෂා භාවිතය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ භාවාර්ථයට හා චේතනාවට අනුකූලව සිදුවන බවට වගබලා ගැනීම සඳහා අවශ්‍ය විය හැකි සියලු ක්‍රියාවන් කිරීම සහ පියවර ගැනීම;

  • රාජ්‍ය භාෂා ඇගයීම, දිරිගැන්වීම සහ ඒවායේ තරාතිරම, සමානත්වය සහ භාවිත කිරීමේ අයිතිවාසිකම පිළිගැනීම, පවත්වාගෙන යාම සහ ඉදිරියට ගෙන යාම.

  • ස්වකීය මෙහෙයවීමෙන් සහ ලැබෙන යම් පැමිණිලිවලට ප්‍ර‍තිචාර දැක්වීම වශයෙන් යන දෙයාකාරයෙන්ම විමර්ශන පැවැත්වීම සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනතේ විධිවිධානවලින් සලසා ඇති පරිදි ප්‍ර‍තිකර්ම යෙදීම.

ප්‍රධාන කාර්යයන්

උක්ත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, කොමිෂන් සභාව ප්‍රධාන කාර්යයන් හතරක් ඉටුකරනු ලබයි.

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත භාෂා අයිතීන් උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි විභාග කිරීම.

    විමර්ශනය

  • රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන රාජ්‍ය යාන්ත්‍රණය විසින් නිසි පරිදි අනුගමනය කරන්නේද යන්න ගැන විමසිලිමත් වීම.

    අධීක්ෂණය

  • අදාළ භාෂාවල තරාතිරම හෝ භාවිතය පිළිබඳව අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම.

    අධ්‍යාපනය

  • ප්‍රතිපත්තිමය මූලධර්ම සම්පාදනය සඳහා අවශ්‍ය කොමිෂන් සභා නිර්දේශ රජය වෙත ඉදිරිපත් කිරීම

    උපදේශනය