රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

19th May 2024 03:37

විමර්ශනය

භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ලැබෙන මහජන පැමිණිලි විමර්ශනය කිරීම කොමිෂන් සභාව මගින් සිදු කරනු ලබයි. මෙම විමර්ශන කාර්යයේ පියවර පහත දැක්වේ.

  • පැමිණිල්ල සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානියා වෙතින් නිරීක්ෂණ කැඳවීම

  • එම නිරීක්ෂණ අධ්‍යයනය කර කොමිෂන් සභාව විසින් සුදුසු නිර්දේශ නිකුත් කිරීම

  • නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතන ප්‍රධානීයාට දින 90 ක කාල සීමාවක් ලබා දීම

  • නිර්දේශ ක්‍රියාත්මක කර තිබේ දැයි පසුවිපරම් කිරීම

  • නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති නම්, කොමිෂන් සභාව විසින් අදාළ ආයතන ප්‍රධානියාට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම



පැමිණිලි විමර්ශනය සිදු කරන අයුරු

කොමිෂන් සභා පනතේ III වන කොටසේ 18 සිට 28 දක්වා වන වගන්ති ප්‍රකාරව පැමිණිලි විභාග කරනු ලබයි.

පහත දැක්වෙන අයිතීන් උල්ලංඝනය වුවහොත් කොමිෂන් සභාව වෙත පැමිණිලිකර සහන ලබාගත හැකි ය.

  • පොදු ආයතන සමඟ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවලින් ලිපි ගනුදෙනු කිරීම

  • පොදු ආයතන වෙතින් ඉල්ලුම් පත්‍ර/ ආකෘති පත්‍ර සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවලින් ඉල්ලා සිටීම

  • නඩු විභාගයක දී අවශ්‍යතාව පරිදී සිංහල/ දෙමළ භාෂා පරිවර්තකයෙකුගේ සේවය ඉල්ලා සිටීම

  • පොදු ආයතන වෙතින් ලේඛනවල සිංහල හෝ දෙමළ පරිවර්තන ඉල්ලා සිටීම

  • රාජ්‍ය සේවයට ඇතුළුවීමේ විභාගවලට සිංහල හෝ දෙමළ භාෂාවලින් පෙනීසිටීම

  • උසස් අධ්‍යාපනයේ දී එක් රාජ්‍ය භාෂාවකින් පවත්වන පාඨමාලාවක් අනෙක් රාජ්‍ය භාෂාවෙන්ද ලබාගැනීම

  • රාජකාරි ලිපි, චක්‍රලේඛ උපදෙස් භාෂා තුනෙන්ම ලබාගැනීම



පැමිණිලි විමර්ශනය සිදු කරන අයුරු

   
  • නීරීක්ෂණ කැඳවීම

  • නිර්දේශ ලබාදීම

  • නිර්දේශ ක්‍රියාත්මක කිරීම, පසුවිපරම් කිරීම

  • නෛතික ක්‍රියාමාර්ග ගැනීම